ප්‍රාදේශීය වේලාවෙන් 8 වනදා ඇමරිකාව විසින්, එරටට අපනයනය කරන චීන නිෂ්පාදන සඳහා 34% ක ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු”, 50% කින් 84% දක්වා තවදුරටත් වැඩි කර ඇත.
ලෝක වෙළඳ සංවිධානයේ ගැටුම් විසඳීමේ යාන්ත්‍රණය යටතේ චීනය විසින් ඇමරිකාවේ නව තීරුබදු පියවර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ(9) ප්‍රකාශ කළේය. ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීතිවලට අනුකූලව චීනය තම නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරන අතර බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙල දැඩි ලෙස ආරක්ෂා කරනු ඇතැයි ද ප්‍රකාශ කෙරිණ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්