ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ පළමු දින 100 තුළ ෆෙඩරල් සෞඛ්‍ය  ආයතනවලට අදාළ පුළුල් කප්පාදු කිරීම් සිදු කර තිබේ. මේ  සම්බන්ධයෙන් බොහෝ ඇමරිකානුවන් විරෝධය පළ කරන බව නව සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි ව තිබේ.  ඒ ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන KFF සිදු කළ අධ්‍යයනකට අනුව ය.

එම සමීක්ෂණයට අනුව, ඇමරිකානුවන්ගෙන් 61% ක් ෆෙඩරල් සෞඛ්‍ය ආයතනවල කාර්යමණ්ඩලය හා වියදම් සැලකිය යුතු ලෙස කප්පාදු  කිරීමට විරෝධය පළ කර ඇත.. 

අප්‍රේල් 8 වනදා සිට 15 වනදා දක්වා මෙම සමීක්ෂණය සිදු කර ඇත. එයට අනුව ඇමරිකාවේ වැඩිහිටියන් 1,380ක් අතරින් සියයට 59%ක් ඇමරිකානු පරිපාලනය ආයතනවලින් ක්‍රියාත්මක වැඩසටහන් මෙන්ම එහි කාර්යමණ්ඩලය නොසැලකිලිමත් ලෙස සීමා කරමින් සිටින බව සඳහන් කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com