ඇමරිකාව ඊයේ(2) විධායක නියෝගයක් නිකුත් කරමින්, ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ට “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීම ප්‍රකාශ කළේ ය.
මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා පෙන්වා දුන්නේ, ඇමරිකාවේ මෙම හැසිරීම ලෝක වෙළඳ සංවිධානයේ නීති බරපතල ලෙස උල්ලංඝනය කරන අතර, නීත්‍යනුකූල බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට ද බරපතල ලෙස හානි කරන බවයි. චීනය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව ඔහු පැවසීය.
චීනය නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ, වෙළඳ යුද්ධයේ සහ තීරුබදු යුද්ධයේ කිසිදු ජයග්‍රාහකයෙක් නොමැති බවයි. එමෙන්ම ආරක්ෂණවාදයට ද අනාගතයක් නොමැත. ඇමරිකාව සිය වැරදි හැසිරීම් නිවැරදි කළ යුතු බවත්, සමාන, ගෞරවනීය හා අන්‍යෝන්‍ය යහපත සැලසෙන අයුරින්, චීනය ඇතුළු ලොව පුරා රටවල් සමග වෙළඳ වෙනස්කම් සාකච්ඡා කර විසඳා ගන්නා ලෙස චීනය ඉල්ලා සිටින බව, Guo Jiakun මහතා සඳහන් කර ඇත.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්