ඇමරිකාව, චිප්ස් සහ අනෙකුත් නිෂ්පාදනවල වෙළඳාම සීමා කිරීම සහ අපනයන පාලන පියවරයන් අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළෙඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය වෙත පැමිණිල්ලක් යොමු කර ඇත. චීන වාණිජ අමාත්‍යාංශයේ ගිවිසුම් හා නීති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඊයේ (12) මේ බව ප්‍රකාශ කළේය.
මෑත වසරවල දී ඇමරිකාව ජාතික ආරක්ෂාව යන සංකල්පයට මුවා වී අඛණ්ඩව අපනයන පාලන පියවර අයුතු ලෙස භාවිත කර චිප්ස් ඇතුළු නිෂ්පාදන පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාමට බාධා සිදු කර ඇත. එය ගෝලීය කාර්මික සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන අතර, ගෝලීය සාමයේ සහ සංවර්ධනයේ අවශ්‍යතාවලට ද හානි ඇති කර තිබේ. එසේම එය යම් වෙළඳ ආරක්ෂණවාදී භාවිතයක් බව ඔහු පැවසීය.
ඇමරිකාව තම වැරදි කාලෝචිත ලෙස නිවැරදි කර ගනු ඇතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම අධි තාක්ෂණික නිෂ්පාදන වෙළඳාම කඩාකප්පල් කිරීම නැවැත්වීමටත් චීනය සහ ඇමරිකාව අතර පවතින ආර්ථික හා වෙළඳ හුවමාරුව ස්ථාවරව පවත්වා ගැනීමට අපේකෂා කෙරේ. විශේෂයෙන් චිප්ස් වැනි ගෝලීයව වැදගත් නිෂ්පාදනවල කාර්මික සැපයුම් දාමය ස්ථායීව පවත්වා ගැනීමට චීනය බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්