නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අනිද්දා (27) සිකුරාදා ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැණවින.
දැනට තීරණය කර ඇති පරිදි නිරෝධායන ඇදිරිනීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදායිනි.
කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (27) සිකුරාදා පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
කොවිඩ් පැතිරීම පාලනය කිරිම සඳහා රට සති දෙකක කාලයක් වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයෝ පිරිසක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළහ.
මෙයට අමතරව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 දහයක නායකයෝද රට සතියක කාලයකට වසා තබන්නැයි ඉල්ලා සිටියහ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති