වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
වනාන්තර වල වැවෙන කොස් සහ දෙල් ජනතාවට නෙළා ගැනීම සඳහා අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට පැවසා තිබේ.
වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ දිවයින පුරා තිබෙන බවත් එම ඉඩම් වල හට ගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණුවී යන බවත් වන සංරක්ෂණ නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු