ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා මහතා අද (18) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි වීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල නියෝජිතයන් හතළිස් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට