කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව නිර්මාණය සිදු කළ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේය.
එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බව ද පැවසේ.
මෙම යෙදවුම වෙනත් රටවල් සඳහා ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදීමට ඉදිරියේදී කටයුතු කරන බව, චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති