ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ.
ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයට 44% කි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය නැවත සිදුකළ යුතු බව පවසමින් ප්‍රතිවාදි අපේක්ෂකයාගේ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා