ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS  ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ

ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS  ඉහළ නියෝජිත රැස්වීම ඊයේ(30) බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා හිදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ Wang Yi මහතා එම රැස්වීමට එක් විය. බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රධාන විශේෂ උපදේශක Celso Amorim මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රුස්වීමට BRICS හි ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධ ඉහළපෙළේ නියෝජිතයෝ සහ ප්‍රධානිහු සහභාගී වූහ.

BRICS රටවල් අතර එකමුතුකම සහ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර, වගකීමෙන් යුතු ව ‘විස්තීර්ණ BRICS’ යන සංකල්පය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ විශ්වසනීයම බලවේගයක් බවට පත්විය යුතු බව Wang Yi මහතා එහිදී පැවසීය. ඒකපාර්ශ්විකවාදයේ ව්‍යාප්තියට ඉඩ නොදී BRICS රටවල් එක්සත් ව බහුපාර්ශ්විකත්වය ස්ථිර ලෙස අනුගමනය කළ යුතු බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

සියලු හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට, තීරුබදු අනිසි භාවිතයට විරුද්ධ වීමට, බහුපාර්ශ්විකත්වයට අනුගත වීමට, අන්‍යෝන්‍ය ගරුත්වය ආරක්ෂා කිරීමට, ජාත්‍යන්තර නීතිය ස්ථිරව ආරක්ෂා කිරීමට, ගෝලීය දකුණේ පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ සාමය, ආරක්ෂාව සහ සාධාරණත්වයෙන් පිරුණු බහුධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට, BRICS රටවල් එක්ව කටයුතු කළ බව එහිදී සියලු පාර්ශ්ව ප්‍රකාශ කළහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com