ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් වටලා කාන්තාවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
එම කාන්තාවන් අතර ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු ද වන බව පොලීසිය සඳහන් කරයි
ගල්කිස්ස ගාලු පාර, පන්සල පාර, 4 පටුමග යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකරනු ලැබුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 22 හා 39 අතර පසුවන පයාගල, විහාරහේමපාලදුර, පොකුණුවිට ,කහටගස්හන්දිය, මඩොල්සිම, පුවක්පිටිය හා හම්බන්තොට ප්‍රදේශවල පදිංපදිංචිකාරියන් බව ද පොලිසිය පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති