පාතාල කි‍්‍රයාකාරිකයකු වූ බුද්ධික ප‍්‍රසාද් ගමගේ නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇඹිලිපිටිය සෙවනගල ප‍්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය.
ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන බී 626 නඩුවට අදාළව මෙම පොලිස් නිලධාරීන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංග-ුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා නිතිපතිවරයා සිය උපදෙස් ලබා දී ඇතැයි නිතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.
ඒ අනුව, මෙලෙස සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ මේ වන විට ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ලසන්ත රත්නායක, එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල සහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිව සිටි කන්දප්පා නිශාන්ත සිල්වා (ඔහු මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීවත් වන බව සදහන් වෙයි) සහ එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් 32684 (මේ වන විට රක්වාන පොලිසියේ සේවය නියුතු) පේ‍්‍රමකුමාර යන නිලධාරීන් තිදෙනා සඳහන් වෙයි.
- මුලාශ්‍ර ලංකාදීප පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති