ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහාවන බදු ඉහළ නංවා තිබෙනවා.
ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළේ, දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ පියවර ගත් බවයි.
පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ නංවා ඇති මෙම බදු ප්‍රතිශතයන් අනුව ආනයනික මාළු කිලෝ ග්‍රෑමයක් මත අය කරන බද්ද රුපියල් 200 ක් වනවා.
ආනයනික කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 127 ක් හා උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302 ක බද්දක් පනවා ඇති බව ඇය සඳහන් කළා.
මේ දිනවල මෙරට ඉහළ මාළු අස්වැන්නක් ලැබෙන බවයි ලේකම්වරිය ප්‍රකාශ කළේ.
ඒ අනුව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය ද ඉහළ යමින් ඇති බව ඉන්දු රත්නායක මහත්මිය ප්‍රකාශ කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්