මුදල් අමාත්‍යාංශය විසින් මත්පැන් ආනයනය කිරීමේදී තීරු බද්ද මත සියයට සියයක අධි භාරයක් පැනවීම හේතුවෙන් ආනයනික සියලු මත්පැන් වල මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, වයින්, විස්කි, රම්,ජින්, වොඩ්කා වැනි ආනයනික මත්පැන්වල මිල ඉදිරියේදී ඉහළ යනු ඇති.
ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදනය කරන මත්පැන් බෝතලයක මිල රුපියල් 520කින් සහ බීර බෝතලයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා.
එතනෝල් මිල ගණන් ඉහළ දැමීම සහ වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබෙන්නේ.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු