ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා.
2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු, පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම හා ඒ තුළින් දේශීය පොල් මිල පහත හෙළිමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
පොල් ගෙඩි මිලියන 200කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද මෙම පොල් කිරි තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිතයි.
මේ තුළින් අදාළ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගනිමින්, දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.