අමාත්‍ය උදය ගම්මන්පිලට ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් නිකුත් කල නිවේදනයට එරෙහිව අද කැබිනට් මණ්ඩලයේදී පක්ෂ නායකයින් සාකච්ඡා කිරීමට සුදානම් බව වාර්තා වනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ සිටින පක්ෂ නායකවරුන් අමාත්‍ය උදය ගම්මන්පිල සමග අදාළ නිවේදනයට විරෝධය පල කිරීමට අද සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී සුදානම් බව සඳහන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් නිකුත් කල නිවේදනයට එරෙහිව අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ(13) බලශක්ති අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුවා. ඊට පිළිතුරු දීමට සාගර කාරියවසම් විසින් අද උදෑසන මාධ්‍ය හමුවක් සුදානම් කර තිබු නමුත් එය පසුව අවලංගු කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති