ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරන බව සමඟි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවක් බව කී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් බලයට කෑදර නිසා ආණ්ඩුවේ රැදී සිටින බව සඳහන් කළේය.
නාවල, කොස්වත්ත ප්‍රදේශයේ තවත් පක්ෂ කීපයක් සමඟ අද (02) පැවැති සාකච්ඡාවකින් පසුව වෙල්ගම මහතා එසේ පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන ‘නව ලංකා නිදහස් පක්ෂය’ සහ ප්රමුඛ ආණ්ඩු විරෝධී පක්ෂ අටක් ‘අපි ශ්‍රී ලංකා’ ලෙස සංවිධානයක් පිහිටුවා තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති