Lanka Plus News

www.lankaplusnews.com

අසාද් සාලි අත්අඩංගුවට

ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක නියෝජ්‍යපොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව මොහු වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප‍්‍රකාරව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බව ඔහු සදහන් කළේය.

අත්අඩංගුවට ගත් අසාද් සාලි ත්‍රස්තවාදය පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව අජිත් රෝහණ මහතා කීය. අසාද් සලි මහතා රටේ නීතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com