යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් අශ්වයන් පමණක් නොව බූරුවන්ද පාර්ලිමේන්තුව රිංගනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරති.
එනිසා වහ වහාම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් කිසි ලෙසකින්වත් ව්‍යවස්ථා සංශෝධන සිදු නොවිය යුතු බවත්, රටේ අවශ්‍යතාවය වී ඇත්තේ අලුත් ව්‍යවස්ථාවක් මිස පවතින ව්‍යවස්ථාවට අන්ඩ දැමීම නොවන බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.
නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට 20 වැනි සංශෝධනය සම්මත කරගත යුතු බවට ආණ්ඩුව ප්‍රකාශ කළද යම් හෙයකින් 20 වැනි සංශෝධනය ඉතිරි වුවහොත් වසර දහයක් ගියද කිසිදු වෙනසක් නොවන බවයි අභයතිස්ස හිමි පවසන්නේ.
අලුත් ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට නොහැකි වුවහොත් අර්ජුන් මහේන්ද්‍රන් වැනි පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාවක් ඇති බවද අවධාරණය කරනවා.
පාර්ලිමේන්තුවේ කැරැල්ලක් නිර්මාණය කර හෝ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ජනතාව විසින් පාර්ලිමේන්තුවට යැවූ අලුත් මිනිසුන්ගේ වගකීම බවද අභයතිස්ස හිමි පෙන්වා දෙයි.
අභයතිස්හිස මියන් මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති