මෙම ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවට අනුව 2021 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ට්‍රිලියන 18 ක ණය කන්දක හිරවන බවත් ඒ සඳහා විකල්ප ලෙස නැවත ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“රටක් හැටියට 2021 වසර අවසන් වන විට අපි ටි්‍රලියන 18 ක ණය කන්දක හිරවෙනවා. මෙයට විකල්ප දෙකයි තියෙන්නේ. එකක් ණය ගන්න එක. අනිත් එක ඔබතුමන්ලා යෝජනා කරන්නේ සල්ලි අච්චු ගහන එක. ණය ගැනීමයි, සල්ලි අච්චු ගැසීමයි කියන්නේ අසමත් කමනේද?”
එය අසමත් බවේ ලක්‍ෂණයක් ලෙසින් ද විජිත හේරත් මහතා විසින් හඳුන්වන ලදි.
https://www.facebook.com/jvpvijithaherath/videos/381147246647324/
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්