Lanka Plus News

www.lankaplusnews.com

අවහිරතා බිඳ දමමින් ඉදිරියට යන චීන නවීකරණයේ ප්‍රබල ශක්තිය

Huawei සමාගම ජංගම දුරකථන සම්බන්ධ 5G චිප්ස් පිළිබඳ අවහිරතා බිඳ දමමින් නව පියවරක් සනිටුහන් කළේය. “Chang’e” චන්ද්‍ර ගවේෂණ යානය චන්ද්‍රයාගේ ඈත කලාපයෙන් සාම්පල එකතු කොට ඒවා පරීක්ෂණ සඳහා පෘථිවියට ගෙන ඒමට සමත් විය. එමෙන්ම “Striver” නමැති චීන ගැඹුරු මුහුදේ විදුම් නෞකාව මහා සාගරයන්හි ගවේෂණය ආරම්භ කළේය. මේ චීනය මෑත වසරවල ලබා ගත් ප්‍රධාන විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණයන්ගෙන් කිහිපයක් පමණි. එහි මූලික ගාමක බලවේගය විද්‍යා හා තාක්ෂණ ස්වාධීනත්වය සහ ස්ව-ශක්තිය යන උපායමාර්ගයයි. බලවත් එන්ජිමක් වැනි මෙම උපායමාර්ගය, චීනයේ නවීකරණය ප්‍රවර්ධනය කරනවා පමණක් නොව, සංවර්ධනය පිළිබඳ නව සංකල්පයක් යළි ඉදිරිපත් කිරීමකි.

ඇමරිකාව හා බටහිර රටවල් චිප්ස් නිෂ්පාදනය සහ අභ්‍යවකාශ ගවේෂණය වැනි ක්ෂේත්‍රවලදී චීනයට විවිධ අයුරින් බාධා සිදු කර ඇත. විදේශීය කේන්ද්‍රීය තාක්ෂණයන් මත ඉහළ යැපීම සහ මූලික පර්යේෂණ සඳහා ප්‍රමාණවත් ආයෝජන නොමැතිකම යනාදී චීනයේ දුර්වලතා ඉන් හෙළිදරව් කෙරිණ. ඒ සමගම විද්‍යා හා තාක්ෂණ ස්වාධීනත්වය හා ස්ව-ශක්තියෙන් යුත් ජාතික පැවැත්ම හා සංවර්ධනයේ මූලික කේන්ද්‍රස්ථානය බවට පත් වීමේ නොනවතින ගමන්මඟ චීනය ආරම්භ කළේය.

වර්තමානය වනවිට චීනය “ලුහුබැඳීමේ” සිට “ප්‍රමුඛත්වය” දක්වා වූ සුවිශේෂ මාවතේ ඉදිරියට පැමිණ ඇත. චීනය නවෝත්පාදන පරිසර පද්ධතියක් ගොඩනගමින් මූලික පර්යේෂණ සඳහා ආයෝජන ප්‍රමාණය වැඩි කර ලොව විශාලතම පර්යේෂණ සහ සංවර්ධන කුසලතා කණ්ඩායම බිහි කර ඇත. සාගර ගැඹුරේ කිමිදීම්, අධිවේගී දුම්රිය ඉදිකිරීම්, 5G/6G සන්නිවේදන ජාල යනාදී ක්ෂේත්‍රවල ප්‍රධාන තාක්ෂණයන් අතික්‍රමණය කර සියලු අවහිරතා බිඳ දැමීමට සමත් විය. එපමණක් නොව නවෝත්පාදන සහ කාර්මික දාම ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරමින් ක්වොන්ටම් පරිගණකකරණය සහ ස්මාර්ට් කෘෂිකර්මාන්තය වැනි නව ගුණාත්මක ඵලදායිතාවේ පරිවර්තනය වේගවත් කර තිබේ. එය වසර 12ක් තුළ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ චීනයේ ශ්‍රේණිගත කිරීම ස්ථාන 23 කින් ඉහළ යාමට හේතු විය.

චීනය තාක්ෂණික ඒකපාර්ශ්වවාදයට, විවෘතභාවය සහ හුවමාරුව තුළින් ප්‍රතිචාර දක්වමින් විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණ ගෝලීය පොදු භාණ්ඩයක් බවට පරිවර්තනය කර ඇත. ලොව පුරා 200කට වැඩි රටවලට චීනයේ BeiDou පද්ධතියෙන් සේවය සැපයේ. FAST නමැති වේගවත් දුරේක්ෂ නිරීක්ෂණ පහසුකම් ජාත්‍යන්තරව හුවමාරු කර ගැනේ. එසේම බෙයිජිං මානවරූපී රොබෝ විද්‍යා නවෝත්පාදන මධ්‍යස්ථානය ගෝලීය AI සංවර්ධකයින්ට කේන්ද්‍රිය තාක්ෂණයන් හා පර්යේෂණ සම්පත් විවෘත කර තිබේ. ඒ ඔස්සේ චීනය ගෝලීය නවෝත්පාදන ජාලයට ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති අතර‍ ගෝලීය විද්‍යා හා තාක්ෂණික පාලනය වැඩිදියුණු කිරීම සඳහා චීන විසඳුමක් සපයා දී තිබේ.

බුද්ධිමය යුගයේ දී, චීනය විද්‍යා හා තාක්ෂණික ස්වාධීනත්වය සහ ස්ව-ශක්තිය සමඟ නවීකරණයේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් විවෘතභාවය හා සහයෝගීතාවය ඔස්සේ මානව වර්ගයාගේ පොදු ප්‍රගතිය ප්‍රවර්ධනය කරනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com