ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.
විශේෂයෙන්ම පවතින වාතාවරණය තුළ පිරිස වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් හා අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින්නැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒරට රැදී සිටින ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී.
යම හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දී ඇත.
කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වන බව සදහන් වේ.
මේ වන විට ශ්‍රි ලාංකිකයින් 5000 කට ආසන්න පිරිසක් ඊශ්‍රාලයේ සේවය කළ බවද ශ්‍රී ලංකා කානාපති කාර්යාලය කියා සිටී.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති