දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, කෑගල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ,ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශය සඳහාත් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා
මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ,ඉඹුල්පේ ,කුරුවිට, කලවාන ඇලපාත ,රත්නපුර,අයගම,කිරිඇල්ල ,නිවිතිගල යන ප්‍රදේශ සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති