නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළා.
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සහ ඊට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව නඩු පවරා තිබෙනවා.
විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.
මෙසේ නිදහස් කළ පිරිස අතරට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොත භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී සහ තවත් ඇත්ගොව්වන් තුන් දෙනෙකු ද ඇතුළත් වෙනවා.
කෙසේ වෙතත් ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු තවත් විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන ඒ ඔවුන්ගේ විත්ති වාචකය කැඳවීමටද අධිකරණය විසින් තීරණය කරනු ලැබුවා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති