හිටපු ධිවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද (20) අල්ලස් කොමිසම, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.
රාජපක්ෂ පාලනය පැවති 2014 වසරේ අගෝස්තු 01 දා සහ එම වසරේම නොවැම්බර් 01 දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර ඇත.
සෙසු විත්ති කරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන පිරිස නම් කර තිබේ.
එලෙස අල්ලස් කොමිසම නඩු පවරා තිබෙන්නේ අධිචෝදනා 05ක් යටතේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති