Lanka Plus News

www.lankaplusnews.com

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සමග පස්දෙනෙකු අත්අඩංගුවට

කිලෝ 100ක් සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අප්‍රේල් 10 වැනිදින අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව ඊයේ (11) දිනයේදී ජා-ඇල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකින් සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියක් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් අද දිනයේ පසු සපුගස්කන්ද ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com