ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා.
අද පස්වරු 01 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර හෙට සහ සිකුරාදා දිනවල දී ද විවාදය පැවැත්වීමට නියමිතයි.
මේ අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළා.
මේ වසරේ ඉතිරි කාල සීමාව සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා සඳහන් කළා.
මේ අතර 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි වූ කාරක සභා යළි ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම ද අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කලේ පාර්ලිමේන්තු කමිටු කිහිපයක ප්‍රධානත්වය විපක්ෂයට ලබා දියයුතු බවට තම පක්ෂය යෝජනා කර ඇති බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති