වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109 කින් සම්මත වී තිබේ.
මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විපක්ෂව ඡන්ද 46ක් ලැබී තිබූ අතර කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට නොමැත.
2025 වසර සඳහා වන අයවැය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා සිට 25 වන දින දක්වා අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණ.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වනදා පැවැත්වීමට නියමිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති