ඉන්දියාව සහ අමෙරිකාව ආරක්ෂක ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කරගැනීම ඇතුළු හමුදාමය කටයුතු සම්බන්ධයෙන්.
මිසයිල, ඩ්‍රෝන සහ වෙනත් ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම සඳහා එවැනි දත්ත වලට ප්රවේශවීම අත්‍යාවශ්‍ය බවයි දෙපාර්ශවය තීරණය කර ඇත්තේ.
නවදිල්ලි නුවර පැවැති තීරණාත්මක සාකච්ජා වටයකින් අනතුරුව අමෙරිකාව හා ඉන්දියාව එම ආරක්ෂක ගිවිසුම සඳහා අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම සාකච්ජා සඳහා ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වී සිටියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශන්කර් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං.
එසේම අදාළ ගිවිසුම මගින් අමෙරිකාව සතු අති නවීන ගුවන් යානා ඉන්දියාවට ලබාදීමට ඉඩ සැලසෙන බව විදෙස් වාර්තාවන්හි සඳහන්ය.
කෙසේවෙතත්, ඉන්දියාව එලෙස අමෙරිකාව සමග තීරණාත්මක ආරක්ෂක ගිවිසුමකට එළඹීම චීනයට එරෙහිවීමක් බව විචාරකයින් පෙන්වා දී තිබේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්