තවත් පැය 24ක් තුළ රජයේ ඉදිරි වියදම් සැලසුමක් කොංග්‍රසය හමුවේ සම්මත කරගැනීම නොහැකි වුවහොත්, අමෙරිකානු රජයේ කටයුතු රැසක් අකර්මණ්‍ය වී සේවක වැටුප් පවා ගෙවීමට නොහැකි වනු ඇතැයි වාර්තා වේ.
ඒ රටේ ණය ගැනීමේ සීමාව ඉහළ දැමීම සඳහා අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු රජයේ ඉදිරි වියදම් සැලසුම් කෙටුම්පතක් ප්‍රතික්ෂේප වී තිබීමේ පසුබිම තුළය.
ඒ තේරීපත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් අදාළ කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිත කිරීම හේතුවෙනි.
ඊට සහාය ලබාදීමට රිපබ්ලිකන් මන්ත්‍රීවරු මීට පෙර එකඟව සිටි නමුත්, ට්‍රම්ප් එම කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන් ඊට එරෙහිව ඡන්දය දීම විශේෂත්වයකි.
මේ අනුව නත්තල් සමයේ එරට හමුදාව ඇතුළු ෆෙඩරල් සේවක වැටුප් ගෙවීම ඇතුළු කටයුතු රැසක් අවහිර වීමේ අවදානමක් ද මතුව තිබේ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්