අමෙරිකාවේ මොඩර්නා නැමැති කොරෝනා එන්නතට එරට ආහාර හා ඖෂධ පරිපාලනයේ විශේෂඥ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඉදිරි පැය 24 තුළදී ඒ සඳහා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ඊට ලබාදෙනු ඇති.
අදාළ එන්නත ඒ අනුව වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයින්ට එන්නත් කිරීම සිදු කෙරෙනවා.
මීට සතියකට පෙර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට අනුමැතිය ලබාදුන්නේද අදාළ කමිටුව විසින්.
අමෙරිකාවේ මෙලෙස දෙවන කොරෝනා එන්නතටද අනුමැතිය හිමිවන්නේ එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 3500 ද ඉක්මවා තිබියදීය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ