අමෙරිකාවේ කොවිඩ්-19 නීති තවදුරටත් ලිහිල් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වී ඇත.
ඒ අනුව හෙට (12) දින සිට බලපැවැත්වෙන පරිදි එම නීති ලිහිල් කරන බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
මීට පෙර , වෙනත් රටක සිට පැමිණෙන පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට පෙර කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කර තිබුණි.
කෙසේනමුදු කොවිඩ් වෛරසයට එරෙහි සටනේදී රට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සලකා බලා එම නීතිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙයි.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්