නැගෙනහිර සිරියාවේ හඳුනාගත් ස්ථාන දෙකකට අමෙරිකාව විසින් ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ. එම ස්ථාන ඉරානය සහ ඉරානයට ලැදි කණ්ඩායම් විසින් භාවිත කළ මධ්‍යස්ථාන ලෙස හඳුනාගත් බව අමෙරිකානු බලධාරීන් පවසයි.
පසුගිය දින කිහිපයේදී ඉරාකයේ සහ සිරියාවේ ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා වෙත ඩ්‍රෝන් සහ රොකට් ප්‍රහාර එල්ලවිය. පෙන්ටගනය පැවසුවේ ඉන් සිය හමුදා සාමාජිකයින් 21 දෙනෙක් තුවාල ලැබූ බවයි.
ඊශ්‍රායල-හමාස් යුද ගැටුම් ඔක්තෝබර් 07 වනදා ආරම්භ වූ පසු අමෙරිකානු සහ ඒකාබද්ධ හමුදා ඉරාකයේ දී 12 වතාවක් සහ සිරියවේදී සිව් වතාවක් ප්‍රහාරවලට ලක්වී තිබුණි.අමෙරිකා හමුදා සාමාජිකයින් 2,500ක් ඉරාකයේ ස්ථානගත කර සිටින අතර සිරියාවේ අමෙරිකානු භටයින් 900ක් සිටියි.සිරියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීම සම්බන්ධයෙන් අමෙරිකානු හමුදා බලධාරීන්, ඊශ්‍රායලය දැනුවත් කර නොමැති බව වාර්තාවිය.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්