මෙක්සිකෝවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 53දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් එම අනතුර සිදුව තිබුණි.
එරට චියාපාස් ප්‍රාන්තයේදී සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 50කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරුණු අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තාවිය.
විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ කන්ටේනරයේ දකුණු අමෙරිකානු සංක්‍රමණිකයින් 100කට ආසන්න පිරිසක් පුරවා සිටි බවය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ