අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත පවරා දී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ජනාධිපති ජෝ බයිඩන් නිර්වින්දනය කෙරෙන බැවින් මෙලෙස උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත තාවකාලිකව ජනාධිපති ධුරයේ බලතල පවරන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව කමලා හැරිස් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හෙබවු පළමු කාන්තාව බවට පත් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්