නවතම පර්යේෂණ අනුව ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව හරියටම සති 12කින් ලබා නොදුන්නාය කියා ගැටළුවක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
“දැන් ජනවාරිවල ඉස්සෙල්ලාම මේ පළවෙනි මාත්‍රාව දෙනකොට නිර්දේශ කරලා තිබුණෙ සති හතරකින් දෙවැනි මාත්‍රාව දෙන්න කියලා. ඊට පස්සෙ ආපු පර්යේෂණ වලින් පෙන්නුම් කළා සති 4න් නැතුව ඒක 12න් ලබාදුන්නාම ආරක්ෂාව ඊට වඩා වැඩියි කියලා. ඉතිං ඒක හින්දා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවැනි මාත්‍රාව සති 4කින් නැතුව සති 12කින් ලබාදෙන්නට තීරණය කළේ. දැනට තියෙන පරීක්ෂණ වාර්තා අනුව සති 12න් හරියටම දෙවැනි මාත්‍රාව ලබාදුන්නෙ නෑ කියලා ඒකෙන් ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ. අපේ පර්යේෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇවිල්ලා තියෙනවා එක මාත්‍රාවකට” යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.
- lankanewsweb
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති