ඉටුකම කොවිඩ් අරමුදලෙන් ගිලන් රථ ගෙන්වීම සඳහා එකකට රුපියල් මිලියන 19.4ක් වැනි අතිවිශාල මුදලක් වැයකිරීම මෙන්ම ගිලන් රථ 10ක් පමණක් ගෙන්වීමේ තේරුම කුමක්ද යන්නත් ගැටළු සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
“ගිලන් රථ සම්බන්ධයෙන් මේ දවස්වල කතාවක් යනවා. මගෙන් හැමෝම අහනවා අපි සුවසැරියට ගිලන් රථ ගේනකොට කොච්චර වියදම් වුණාද කියලා. එතකොට, අද සල්ලිවලින් බැලුවත් රුපියල් මිලියන 7 යි. ඒ සියලු උපකරණත් එක්ක තමයි රුපියල් මිලියන 7 ට මේවා ගෙනල්ලා තියෙන්නෙ.
හැබැයි තවත් එකක් තියෙනවා, දැන් මෙච්චර අවශ්‍යතා තියෙද්දි ගිලන් රථ 10ක් ගේන එකේ තේරුම මොකක්ද කියලා මට තේරුම් ගන්න අමාරුයි. 100ක් ගෙනාවා නම් ඔන්න 200ක් ගෙනාවා නම් එතන අපට මොකක් හරි හිතාගන්න පුළුවන් මොකක් හරි ලොකු වැඩපිළිවෙලක් තියෙනවා කියලා. ඇයි මේ 10ක් ? මෙච්චර ලොකු ගාණකට ? මොකද මිලියන දහනවය හමාරක් කියන්නෙ ලොකූ ගාණක් කියන එක තමයි මට නම් කියන්න තියෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
- Lanka News Web
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති