ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව රුවන්වැලි මහා සෑ පුදබිමට ගිය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත විය.
රුවන්වැලි මහා සෑ රදුන් අභියස ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා අනුරාධපුරය පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම විමර්ශනය කළේය.
ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 450කි. කලාප 03ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවේ. ඉදිකිරීම් 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත ය. සැලැසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජ් මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා, අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්