වත්මන් ආණ්ඩුව විසින් රටේ වටිනා ඉඩම් කිහිපයක් විදෙස් සමාගම් වෙත පැවරීමේ සූදානමක් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් හෙළිදරව් කරයි.
අනුර දිසානායක මහතා පවසන්නේ එම ඉඩම් අතර ඉතා ඉහළ වටිනාකමක් සහිත මැනිං මාර්කට් එක පිහිටි භූමිය, ගෆූර් ගොඩනැගිල්ල සහිත ඉඩම, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට පිහිටි අක්කර 09 භූමිය, කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදාවට අයත් ක්‍රීඩා පිටිය, කොළඹ විශ්වවිද්‍යාලයට අයත් මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි භූමිය සහ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඉඩමත් ඇතුළු ඉඩම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන විදේශීය සමාගම්වලට දීමට ආණ්ඩුව සූදානම් බව ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුව මුහුණදී ඇති නව ණය ගෙවාගත නොහැකි අර්බුදයට පිළියමක් ලෙස යොදාගෙන තිබෙන්නේ වටිනාකමින් යුත් මෙවැනි ඉඩම් විදේශයට පැවැරීමේ ක්‍රියාවලි බවත් මෙම තොරතුරු ජනතාව වෙත දැනුවත් කිරීමට තම පක්ෂය කටයුතු කරන බවත් අනුර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්