පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) උදෑසන 8: 30 සිට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඒ, විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදා හරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තුවක් හේතුවෙනි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලසීමාවේ ජල සැපයුම අත්හිටවනු ඇති.
ඊට අමතරව, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
More Stories
කහවත්තේ ඝාතනය ගැන තොරතුරු රැසක් ඔස්සේ පරීක්ෂණ
“හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ලබාදෙනවා”
දුම්රිය ප්‍රමාදයක්