“අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක රුසියා-චීන සහයෝගිතාව” පිළිබඳ පළමු ජාත්‍යන්තර සංසදය, අද (7) රුසියානු සමූහාණ්ඩුවේ Tatarstan ජනරජයේ Kazan නුවර ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.
මෙම සංසදය දින දෙකක් පුරා පැවැත්වෙන අතර, මෙහිදී රුසියාව සහ චීනය අතර දේශීය සහයෝගී ප්‍රමුඛතා සහ ප්‍රධාන ගැටළු පිළිබඳ සාකච්ඡා කෙරේ. චීන-රුසියා ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම සංසදය තුළ දී අවධානය යොමු කෙරෙනු ඇත.
යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, ඛනිජ රසායන කර්මාන්තය, සැපයුම් සහ ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, ආර්ථික හා වෙළඳ ආයෝජන, සංචාරක සහ සංස්කෘතිය වැනි කර්මාන්තවල සහයෝගීතාවන් වර්ධනය කර ගැනීමට ද මෙම සංසදය තුළින් අපේක්ෂා කෙරේ.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය