අන්තර්ජාල පහසුකම් අහිමි පාසල් දරුවන්ට රටපුරා පිහිටි ඉගෙනුම් මධ්‍යස්ථාන 2000කදී අධ්‍යාපන අවස්ථා දීම අද (05) සිට ආරම්භ කෙරේ. මීට අදාළ චක්‍ර ලේඛයක් සියලු විදුහල්පතිවරුන්ට යැවීමට පියවර ගෙන ඇත.
ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට අපහසු දරුවන් මෙම ඉගෙනුම් මධ්‍යස්ථානවලට කැඳවා ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන අතර එක් පන්ති කාමරයක ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිස දස දෙනකුට සීමා කර ඇත. අධ්‍යාපන කටයුතු මෙයාකාරයට ආරම්භ කිරීමට විරුද්ධ නොවන මුත් ගුරුවරු හා දරුවන් මෙලෙස කැඳවීමට පෙර ඒ සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදිය යුතු බව ගුරු සංගම්වල නියෝජිතයෝ කියා සිටිති. මෙලෙස අනාරක්ෂිතව ඉගැන්වීම් කටයුතු කළ හොත් වයිරසය දරුවන් අතර පැතිරයාමට මඟක් පාදනු ඇතැයි ඔවුහු කියා සිටිති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති