මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ නාකලගමුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ගිනි නිවන භටයකු මියගොස් තිබෙනවා.
එම ප්‍රදේශයේ තවත් අනතුරක් සිදුවූ ස්ථානයට ගමන් කරමින් සිටි කුරුණෑගල මහනගර සභාවට අයත් ගිනි නිවන රථයක් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම රථයේ ගමන් කළ ගිනි නිවන භටයන් සිව් දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී බරපතල තත්ත්වයේ පසුවූ අයෙකු මියගොස් තිබෙනවා.
මේ අතර කොළඹ – නුවර මාර්ගයේ කෑගල්ල වේකොළදෙණිය ප්‍රදේශයේ ඊයේ රාති‍්‍රයේ සිදු වූ අනතුරකින් 53 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති