මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව කඩඉම් ලකුණු මැයි මස මුල් සතිය තුළ ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ වන විට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පාසල් කටයුතු අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළේය.
විභාග ප්‍රතිඵලවලට අනුව ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු නිකුත් කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ජනවාරි මස 22 වන දින පැවැත්වුණු අතර ප්‍රතිඵල මාර්තු මස 13 වන දින නිකුත් කෙරුණි.
ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී මෙවර විභාගය පැවත්වුණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති