අද (04) දිනයේ සිට ලබන 08 වැනිදා දක්වා දිවයින පුරා සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ ඊයේ දින (03) පැවැත්වූ සාකච්ඡාවේ දී, පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබඳ ද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කර තිබෙනවා.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු