අද සිට (03) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ පාසල් සිසුන්ට සහ රාජ්‍ය සේවකයින්ට පාසල් හා කාර්යාල සඳහා යාමට පහසු කිරීමටයි. අද දිවයිනේ සියලු පාසල් ආරම්භ වූ අතර සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවා ඇත.
ලංගම දැනට බස් රථ 4200ක් පමණ ධාවනය කෙරෙන අතර මෙකී බස් රථ සංඛ්‍යාවට තවත් බස් රථ 5200ක් එකතු කිරීමට බලාපොරොත්තු වන බව ලංගම කියයි.
අබලන්ව පවතින බස් රථ යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, එම බස්රථ 5,200 ඉදිරි කාලය තුළ ධාවනයට යෙදවිමට අපේක්ෂිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති