විදුලි ජනනය සදහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැතිවීම හේතුවෙන් අද සිට 18 වන සෙනසුරාදා දිනය දක්වා සියලුම කලාපවලට පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.
ඒ අනුව සෑම දිනකම A සිට W දක්වා කලාප සඳහා පෙරවරු 9 සිට රාති‍්‍ර 10 දක්වා කාලය තුළ වරින් වර විදුලි කප්පාදු කිරීම් සිදු කරනු ඇති.
කොළඹ නගරයේ වාණිජ කලාප සඳහා උදෑසන 6 සිට උදෑසන 8.30 දක්වා කාලය තුළදීයි විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ.
කෙසේ වෙතත් පොසොන් පොහොය දිනය යෙදෙන හෙට දිනයේ දිවා කාලයේ සවස 5.30 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කලේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති