පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලබන සතිය තුළත් නගර ආසන්න පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් අද (27) සිට ජුලි 01 දක්වා සතිය තුළ පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි ඒම පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති