අද කොළඹ 01 සිට 10 දක්වා සහ කඩුවෙල යන ප්‍රදේශවලට අඩු පීඩනයක් සහිතව ජලය සපයන බව ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය පවසන්නේ අද (04) රාත්‍රී 09 සිට හෙට උදෑසන 06 දක්වා මෙලෙස එම ප්‍රදේශ වෙත අඩුපීඩනයක් යටතේ ජලය සපයන බවයි.
කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ, විජේරාම යන ප්‍රදේශ සහ නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ඇති මාර්ගයේ ජල සැපයුම අද (04) රාත්‍රී 10 සිට හෙට අලුයම 05 දක්වා ද විසන්ධි කිරීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති