ජනමතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළ කර අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශය මෙන්ම වතු, ගොවි සහ ධීවර ඇතුළු වෘත්තීය සමිති මෙන්ම බහුජන සංවිධාන රැසක දායකත්වයෙන්.
ගුරු – විදුහල්පති, සෞඛ්‍ය, වරාය, විදුලි බල, ජල සම්පාදන, තැපැල්, බැංකු ඇතුළු පාර්ශව රැසක් ඊට එක්වන බවයි එම වෘත්තීය සමිති සදහන් කළේ.
සමගි සන්ධාන ඒකබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ සාමාජික සමන් රත්නපි‍්‍රය මහතා වර්ජනය සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියේ මෙලෙසින්.
කෙසේ වෙතත් අද දිනයේ පැවැත්වෙන වැඩවර්ජනයට සහය නොදෙන බව පොදුජන පෙරමුණට අයත් ප්රගතිශීලි වෘත්තීය සමිති සහ ඇතැම් වෘත්තිය සමිති පවසනවා.
පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමයේ සම්බන්ධීකරණ ලේකම් එස්. ඒ. ආනන්ද මහතා සඳහන් කලේ වත්මන් දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීම සියළු දෙනාගේ වගකීම බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති